දේශීය

වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළීබඳ රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පත්කර ඇත.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තාකරනතෙක් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඒ අනුව චන්න ජයසුමන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මේ අතර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත.

ඔහුද අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.

 

Related posts

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

Editor O

කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

Mohamed Dilsad

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

Leave a Comment