දේශීය

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය වරදක් නොවන බව අභියාචනාධිකරණයේදී අනාවරණ වෙයි

(UTV | කොළඹ) –  සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් හෙවත් ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අද (16) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මේ බව දැනුම් දුන්නේය.

පෙත්සම්කරු අදාල පෙත්සමේ දක්වා ඇත්තේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

පෙත්සම අද දින යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සදහන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ 2017 අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතත් මේ වන විට එම රෙගුලාසි බල ශූනය කර ඇති බව පොලිස්පතිවරයා දැනුම් දි ඇති බවයි.

 

 

Related posts

PHI වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දෙවෙනි දිනටත් පැවැත්වේ.

Editor O

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment