ක්‍රීඩා

තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

(UTV| කොළඹ) – තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබේ.

පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට තම විවාහ උත්සවය නිසා එක් නොවූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී මෙම පරීක්ෂණයට මුහුණ දුන්නේය.

ඒ අනුව ඔහු මිනිත්තු 8 යි තත්ත්පර 18 ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව යමින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇත.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද දිනයේ දී ඉන් සමත් වී ඇත.

ධනුෂ්ක ගුණතිලක මිනිත්තු 8යි තත්ත්පර 23ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව ගොස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

භානුක රාජපක්ෂ ඒ සදහා ගත කර ඇති කාලය මිනිත්තු 8යි තත්ත්පර 27ක්.

මෙම පරීක්ෂණයෙන් සමත් වීමට නම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8 යි තත්ත්පර 35 ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදුවෙයි.

 

Related posts

දෙවන තරගයේ ජයත් එංගලන්තයට

Mohamed Dilsad

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

Mohamed Dilsad

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් දකුණු අප්‍රිකාව ඉවතට

Mohamed Dilsad

Leave a Comment