ක්‍රීඩා

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

(UTV |  සිඩ්නි) – ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති 02 වන පන්දුවාර 20 තරගයේදී අනතුරකට මුහුණදුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් කර තිබෙනවා.

හයේ පහරක් වැළැක්වීමට යාමේදී ඔහුගේ හිස බිම ගැටෙනු දක්නට ලැබුණා.

ස්ටීව් ස්මිත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු පූර්ණ සුවය ලැබීමට තවත් දින 06 ක් හෝ 07 ක් ගතවනු ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසන්නේ ස්ටීව් ස්මිත් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් නොකරන බවයි.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 03 වන් පන්දුවාර 20 තරගය හෙට කැන්බරා හිදී පැවැත්වෙනවා.

තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉදිරි තරග 03 ම ජය ගත යුතුයි.

Related posts

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ වෙනසක්…

Mohamed Dilsad

මෙරට ක්‍රිකට් දුෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරිමට අයි.සී.සී යෙන් සති දෙකක්..

Mohamed Dilsad

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

Leave a Comment