ක්‍රීඩා

මෙරට ක්‍රිකට් දුෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරිමට අයි.සී.සී යෙන් සති දෙකක්..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී ඇති බව, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව එ මහතා පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ක්‍රීඩා අමාත්‍යවරයාටවත්, ක්‍රීඩා නිලධාරීන්ටවත් නෙවෙයි. ක්‍රිකට් අයිති ඔබ සියලු දෙනාට. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒක කරන්න ඕනේ සියලුදෙනාම එකතුවෙලා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශාල කතාබහකට ලක් වෙනවා.

පසුගිය කාල වකවානුවලදී අපිට ප්‍රශ්ණ කීපයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට රිංගලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා.

අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබා දුන්නා. මේ සති දෙකක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දන්නවානම් ඒ කාර්යාලය වෙත ගොස් ලබා දෙන්න පුළුවන්. මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන අයව රැකගන්න එක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IPL තරඟාවලිය අවලංගු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

බංග්ලාදේශ වේග පන්දු යවන මොහොමඩ් ෂරිෆ් ක්‍රීඩාවෙන් සමුගනී

Mohamed Dilsad

3 වන එක්දින ක්‍රිකට් තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

Leave a Comment