ක්‍රීඩා

කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව හදන්න නව කළමනාකරුවෙක්

(UTV | කොළඹ) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප‍්‍රිකානු ජාතික ග‍්‍රාන්ට් ලූඩන් පත්කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ සිට ඔහුගේ සේවය බලපැවැත්වෙන බවයි.

ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන්ට ජාතික තලයේ පසුවන ක‍්‍රිඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීමේ වගකීම පැවරෙනු ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව ද ඔහු කටයුතු කිරීමට නියමිතව තිබේ.

 

Related posts

ජයග්‍රාහී බොක්සිං කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

මැතිව්ස් යළි නායකත්වයට

Mohamed Dilsad

T20 නිලධාරී මඬුල්ලට මඩුගල්ලේ සහ ධර්මසේන

Mohamed Dilsad

Leave a Comment