ක්‍රීඩා

T20 නිලධාරී මඬුල්ලට මඩුගල්ලේ සහ ධර්මසේන

(UTV | කොළඹ) – පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා නම් කරන ලද විනිසුරුවරුන් සහ තීරකවරුන් අතරට කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ලේ යන මහත්වරුන්ද ඇතුළත්ව සිටිනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවරුන් 12 දෙනෙකු සහ තරග තීරකවරුන් සිව් දෙනෙකු ඇතුළත්ව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2019 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලි විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවුණු රුචිර පල්ලියගුරුගේ මහතා මෙවර තරගාවලියේ විනිශ්චය සඳහා තෝරා ගෙන නැහැ.

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 දක්වා වූ කාල සීමාවේදී මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගමාලාව පැවැත්වෙනු ඇති.

Related posts

ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment