Trending Newsඑසැන පුවත්දේශීය

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දෙවෙනි දිනටත් පැවැත්වේ.

අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වේ. 2025 වස‍රේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා වන අතුරු සම්මත ගිණුම, ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

එහි මුළු ඇස්තමේන්තු ගත මුදල, රුපියල් බිලියන 2600කි. 2025 වසරේ මුල් මාස 4 සඳහා පුනරාවර්ථන වියදම් ලෙස, රුපියල් බිලියන 1000 ක් වෙන් කර තිබේ. ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇති මුදල, රුපියල් බිලියන 425 කි. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව, අනෙකුත් ණය සේවාවන් සදහා රුපියල් බිලියන 1175 ක් ඇස්තමේන්තුගත කර තිබේ. අතුරු සම්මත ගිණුම අද (06) පස්වරුවේ සම්මත කරගැනීමට නියමිතය.

Related posts

சப்ரகமுவ மாகாணத்தின் பதில் ஆளுநராக ரெஜினோல்ட் குரே நியமனம்

Mohamed Dilsad

Isis in Iraq: Militants ‘getting stronger again’

Mohamed Dilsad

ஓய்வு பெறும் ஆர்.பி.சிங்…

Mohamed Dilsad

Leave a Comment