ව්‍යාපාරික

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රව වායු බලාගාරයට අනුමැතිය

(UTV | කොළඹ) – මෙගාවොට් 300ක විදුලියක් උත්පාදනය කිරීමට නියමිතව ඇති කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. (ස්වාභාවික ද්‍රව වායු) බලාගාරයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

මෙම බලාගාරය මගින් ජනනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 14.98 පමණ වන අතර ඩීසල් හා ස්වාභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) මඟින් මෙම බලාගාරයෙන් විදුලිය උත්පාදනය කළ හැකි වීම ද විශේෂත්වයකි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ‘ලක්දනව්’ සමාගම අතර මෙම බලාගාරය ක්‍රියාත්මක වන බව ද ජනක රත්නායක මහතා පවසයි.

මෙම බලාගාරය මගින් නිපදවන විදුලිය වසර විස්සක කාලයක් ලංවිම විසින් මිලදී ගැනීමට නියමිත අතර විදුලිය මිලදී ගැනීමට අදාළ නව කොන්දේසි දහ අටක් මෙම ගිවිසුමට ඇතුළත් කළ බව ද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළ අද වැසෙයි

Mohamed Dilsad

බංග්ලාදේශ මගී ගුවන් යානා නොබෝ දිනකින් කොළඹට

Mohamed Dilsad

රබර් ඉල්ලුම ලෝකයේ ඉහළ යන බැවින් රබර් වගාව රැකගත යුතුයි – ඇමති නවීන් කියයි

Mohamed Dilsad

Leave a Comment