දේශීයව්‍යාපාරික

පාම් තෙල් ඇතුළු තෙල් වර්ග කිහිපයක ආනයන බදු ඉහළට

(UTV | කොළඹ) – පාම් තෙල් ආනයනයේදි පණවා තිබූ බද්ද රුපියල් 100 කින් ඉහළ දමා තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ පසුගිය සිකුරාදා සිට පාම් තෙල් ආනයනයේදී කිලෝවකට රුපියල් 300 ක බද්දක් අය කෙරෙන බවයි.

මීට අමතරව ආහාර සැකසුම් සඳහා යොදාගන්නා තෙල් වර්ග කිහිපයකද බදු මුදල් සංශෝධනය කර තිබේ.

ඒ අනුව සෝයා තෙල් සහ සූරියකාන්ත තෙල් තොග වශයෙන් ආනයනයේදී දැනට පවතින බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 275 ක් ලෙස සංශෝධනය කරයි.

Related posts

අන්තර් පළාත් බස් ධාවනය කල් යයි

Mohamed Dilsad

අවුරදු 2200ක ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවරණය කරන සෙල් ලිපියක් හමුවෙයි.

Editor O

පියෙක් හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment