Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ 350 දෙනෙකුගේ වැඩ තහනම්

ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් පිරිසකගේ විසිරියාමේ උත්සවයකදී හෙතෙම ඒ බව කීවේය.

ඔහු පවසන්නේ, පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරට සමගාමීව නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි.

හෙතෙම මෙසේද කීවේය. පොලිස් සේවාව ගැන අතීතයේ තිබුණේ එතරම් හොඳ චිත්‍රයක් නෙමෙයි. බහුතරයක් පොලිස් නිලධාරීන් පොලිස් සේවාවේ උන්නතියට, අභිවෘද්ධියට කටයුතු කරන අතරම සුළු පිරිසක් විසින් කරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් තමා පොලීසියේ විනය අපකිර්තියට පත්වෙලා තියෙන්නේ. ඒ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ඔබ දන්නවා දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් තමා අපිට ලැබිලා තිබුණේ. අපි ජාතික ජන බලවේගය හැටියට බලයට පත්වෙද්දි මේ පොලිස් සේවාව අතිශ්‍යයින්ම දේශපාලනීකරණයට ලක්වෙලා තිබුණේ. අපේ පළමු අරමුණ වුණේ, ඒ දේශපාලනීකරණය වූ පොලිස් සේවාව ස්වාධීන කිරීම. නැත්නම් නිර්දේශපාලනීකරණය කිරීම. මේ ගතවෙලා තියෙන මාස 10 ඇතුළත අපි ඒ සඳහා පියවර රාශියක් ගත්තා. ඒ පියවරවල ප්‍රතිඵලයක් හැටියට දැනට අපිට හැකියාව ලැබී තිබෙනවා මේ පොලිස් සේවය දේශපාලනීකරණයෙන් මුදවා ගන්න. මේ වෙද්දි පොලිස් සේවයේ අතලොස්සක් පිරිස අතර 350කට ආසන්න ප්‍රමාණයක් පොලිස් සේවයෙන් වැඩතහනම් කරලා තියෙනවා අනීතික කටයුතුවලට යොමුවීම හේතුවෙන් යැයි ද කීවේය.

Related posts

எதிர்கால சந்ததியினரைப் பாதுகாக்க சகல தரப்பினரும் ஒன்றிணைந்து செயற்பட வேண்டும்

Mohamed Dilsad

மலேசியாவின் புதிய மன்னராக சுல்தான் அப்துல்லா

Mohamed Dilsad

Miguel Diaz-Canel selected as next President of Cuba

Mohamed Dilsad

Leave a Comment