Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ 350 දෙනෙකුගේ වැඩ තහනම්

ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් පිරිසකගේ විසිරියාමේ උත්සවයකදී හෙතෙම ඒ බව කීවේය.

ඔහු පවසන්නේ, පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරට සමගාමීව නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි.

හෙතෙම මෙසේද කීවේය. පොලිස් සේවාව ගැන අතීතයේ තිබුණේ එතරම් හොඳ චිත්‍රයක් නෙමෙයි. බහුතරයක් පොලිස් නිලධාරීන් පොලිස් සේවාවේ උන්නතියට, අභිවෘද්ධියට කටයුතු කරන අතරම සුළු පිරිසක් විසින් කරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් තමා පොලීසියේ විනය අපකිර්තියට පත්වෙලා තියෙන්නේ. ඒ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ඔබ දන්නවා දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් තමා අපිට ලැබිලා තිබුණේ. අපි ජාතික ජන බලවේගය හැටියට බලයට පත්වෙද්දි මේ පොලිස් සේවාව අතිශ්‍යයින්ම දේශපාලනීකරණයට ලක්වෙලා තිබුණේ. අපේ පළමු අරමුණ වුණේ, ඒ දේශපාලනීකරණය වූ පොලිස් සේවාව ස්වාධීන කිරීම. නැත්නම් නිර්දේශපාලනීකරණය කිරීම. මේ ගතවෙලා තියෙන මාස 10 ඇතුළත අපි ඒ සඳහා පියවර රාශියක් ගත්තා. ඒ පියවරවල ප්‍රතිඵලයක් හැටියට දැනට අපිට හැකියාව ලැබී තිබෙනවා මේ පොලිස් සේවය දේශපාලනීකරණයෙන් මුදවා ගන්න. මේ වෙද්දි පොලිස් සේවයේ අතලොස්සක් පිරිස අතර 350කට ආසන්න ප්‍රමාණයක් පොලිස් සේවයෙන් වැඩතහනම් කරලා තියෙනවා අනීතික කටයුතුවලට යොමුවීම හේතුවෙන් යැයි ද කීවේය.

Related posts

சர்கார் படத்தின் எச்.டி இன்றே வெளியாகும்?

Mohamed Dilsad

(VIDEO)”பாராளுமன்ற தெரிவுக்குழு அமைத்து வில்பத்து புரளிகளுக்கு முடிவுகட்டுங்கள், ரிஷாத் பாராளுமன்றில் கோரிக்கை”

Mohamed Dilsad

අද කොළඹ ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment