නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආරම්භයේදී සමාජ මාධ්‍ය වාරණයකට එරෙහිව ඇරඹුණු මෙම විරෝධතා, මේ වන විට රජයට එරෙහි දැවැන්ත විරෝධයක් දක්වා උත්සන්න වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු වන ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව සහ අගමැතිවරයාගේ නිවස ඇතුළු රාජ්‍ය ආයතන රැසකට විරෝධතාකරුවන් ගිනි තබා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුලින් සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව Gen Z නව යොවුන් තරුණ තරුණියන් විසින් ආරම්භ කරන ලද විරෝධතා, ඇඳිරිනීතිය ද නොතකා දරුණු ගැටුම් බවට පත්ව ඇත.
එහිදී අගමැතිවරයාගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, මෙන්ම පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස රැසකට ද ගිනි තබා තිබේ.
ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් පහරදීම්වලට ලක්ව ඇති බව වාර්තා වේ.
