Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කථානායක තීරණය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ, තීරණය අද (10) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී කථානායකවරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොගැලපෙන සහ නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් එම විශ්වාසභාංග යෝජනාව පිළි නොගන්නා බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.

මෙහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කථානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන බවත් ඒ සඳහා අවස්ථාව නොමැති බවත්ය.

එහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කථානායකවරයා පවසා සිටියේ, අදාළ දැනුම්දීම හොඳින් කියවන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වන දින බාර දී තිබේ.

Related posts

2018 ආසියානු දැල් පන්දු ශූරතාවය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

Mohamed Dilsad

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි

Mohamed Dilsad

කොවිඩ් මරණ ගණන 558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment