විදෙස්

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

(UTV |ඇමෙරිකාවේ ) – ඊයේ (10) දිනය ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආසාධිතයන් 2035 ක් වාර්තා කරමින් එක් දිනකදී මරණ 2000ක් වාර්තා වී තිබේ.

මෙය එක් දිනකදී සිදුවූ කොරෝනා මරණ වැඩිම ගණන බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ දිනයේදී පමණක් ඇමරිකාවේ නව ආසාදිතයන් 33,000 ඉක්මවා වාර්තා වී ඇත.

මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ප්‍රමාණය ලක්‍ෂ 05කට වඩා වැඩි බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යද ඊයේ ඉහල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා කරමින් මරණ 980 වාර්තා කරද්දී, ප‍්‍රංශය 987ක්, ස්පාඤ්ඤ 634ක්, ඉතාලිය 570ක් වශයෙන් මරණ වාර්තා කර තිබේ.

මේ වන විට ලෝකයේ සමස්ත කොරෝකා ආසාදිතයන් ප්‍රමාණයක් 1,700,000 වන අතර මරණ ප්‍රමාණයක් 102,000 ඉක්මවයි.

Related posts

තායිලන්තයේ ගංවතුරින් 25ක් මියයති

Mohamed Dilsad

වායු දූෂණය හේතුවෙන් ඉන්දියාව හාස්‍යයට ලක්වෙයි

Mohamed Dilsad

ඇමෙරිකාව, යුරෝපා කොමිසමට පිටුපායි

Mohamed Dilsad

Leave a Comment