විදෙස්

වායු දූෂණය හේතුවෙන් ඉන්දියාව හාස්‍යයට ලක්වෙයි

(UTV | කොළඹ) – වායු දූෂණ ගැටළුව හේතුවෙන් ඉන්දියාව ලොව හාස්‍යයට ලක්වූ රටක් බවට පත්ව ඇති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළේ වායු දූෂණය අවම කරගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් අපොහොසත් වී ඇති බවයි.

ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් සති කිහිපයකට සිට දැඩි දුමාරයකින් වැසී පවතින බව එරට මාධ්‍ය සඳහන් කරයි..

මෙම තත්ත්වය සෞඛ්‍ය ගැටළු රැසකට හේතු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් වගකීම භාර ගත යුතු බවත් විනිසුරුවරුන් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයි

Mohamed Dilsad

කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයි

Mohamed Dilsad

කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේ

Editor O

Leave a Comment