විදෙස්

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

(UTV |ඇමෙරිකාවේ ) – ඊයේ (10) දිනය ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආසාධිතයන් 2035 ක් වාර්තා කරමින් එක් දිනකදී මරණ 2000ක් වාර්තා වී තිබේ.

මෙය එක් දිනකදී සිදුවූ කොරෝනා මරණ වැඩිම ගණන බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ දිනයේදී පමණක් ඇමරිකාවේ නව ආසාදිතයන් 33,000 ඉක්මවා වාර්තා වී ඇත.

මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ප්‍රමාණය ලක්‍ෂ 05කට වඩා වැඩි බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යද ඊයේ ඉහල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා කරමින් මරණ 980 වාර්තා කරද්දී, ප‍්‍රංශය 987ක්, ස්පාඤ්ඤ 634ක්, ඉතාලිය 570ක් වශයෙන් මරණ වාර්තා කර තිබේ.

මේ වන විට ලෝකයේ සමස්ත කොරෝකා ආසාදිතයන් ප්‍රමාණයක් 1,700,000 වන අතර මරණ ප්‍රමාණයක් 102,000 ඉක්මවයි.

Related posts

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ඇමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment