දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය ආයතනවලට අයත් එහෙත් රාජකාරිවල නොයෙදෙන වාහන තම රාජකාරි සඳහා මුදා හරින්නේ නම් රාජකාරි පහසුවන බව එම සංගමය රජයට පෙන්වා දී ඇත.

ස්වයං නිරෝධායනයේ සිටින විශාල පිරිසක් පිළිබඳ සොයා බැලීම ඇතුළු බිම් මට්ටමේ රාජකාරි රාශියක් තම සාමාජිකයන් වෙත පැවරී ඇති බවත් ඔවුන්ගේ රාජකාරි පහසු කිරීම සේවා සැපයීමේ දී ජනතාවට විශාල ප්‍රතිලාභයක් වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related posts

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

Mohamed Dilsad

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් දෙදෙනෙකුට සීමා කරයි

Mohamed Dilsad

විජයදාස ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment