Trending Newsඑසැන පුවත්දේශීය

විජයදාස ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නේය.

තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බව ද හෙතෙම සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ.”

Related posts

“Sri Lanka – Iran talks focused on oil refineries, construction, transportation” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

ஸ்ரீ லங்கன் விமான சேவை தொடர்பிலான குழுவின் அறிக்கையானது இன்று(23) ஜனாதிபதிக்கு

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කථානායක තීරණය

Editor O

Leave a Comment