Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනය සඳහා අගෝස්තු මාසයේ අවසර

(UTV | කොළඹ) –

වාහන ආනයනය සඳහා එළැඹෙන අගෝස්තු මාසයේ අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීවේය. ” ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ. කලින් මූලිකත්වය ලබා දුන්නේ  වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා. වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. පෞද්ගලික වාහන ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.” යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 

Related posts

Regulations of the Carbon Tax to be amended

Mohamed Dilsad

අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීම ඇරඹේ

Mohamed Dilsad

வடமாகாண சபையின் விசேட அமர்வு..

Mohamed Dilsad

Leave a Comment