දේශීයව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

(UTV | කොළඹ) – ගෝලීය වසංගත තත්ත්වයත් සමග පහත වැටුණු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ සතිය තුළ අඛන්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය.

පසුගිය මාසයේ එනම් මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 42 යි ශත 30 දක්වා ඉහළ ගොස් ඇත.

මිල ස්ථාවරව පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක දිනකට බැරල් මිලියන 9.7ක නිෂ්පාදන කප්පාදුව තවත් මාසයකින් දීර්ඝ කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය, රුසියාව ඇතුලු රටවල් සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡාවල නිරත වූ අතර , නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවකට ඔපෙක් සංවිධානය සහ එහි පාර්ශවකරුවන් අද නැවතත් රැස්වීමට නියමිතයි.

Related posts

යළිත් කහකුඩු හිඟයක්

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 285ක්

Mohamed Dilsad

නාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

Leave a Comment