දේශීය

හෙට සිට දුම්රිය සහ බස් ධාවනය සාමාන්‍ය පරිදි

(UTV | කොවිඩ් 19) – හෙට (08) සිට දුම්රිය කිහිපයක් හැර සෙසු දුම්රිය සියල්ල ධාවනයේ යෙදවීමට මේ වනවිට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු පවසයි.

රට යථා තත්ත්වයට පත් වන පරිදි දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු අවධාරණය කරයි.

මේ අතර, සඳුදා දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය සිදුකිරීමටයි බස් සංගම් මේ වනවිට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ කොළඹ සිට පිට පළාත්වලට අන්තර් පළාත් බස් රථ ධාවනය හෙට සිට යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, ගාලුපාරේ බස් ධාවනය සිදුකිරීමේදී ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ලබන 8 වනදා සිට 22 වනදා දක්වා එය පොලිස් අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, 22 වනදායින් පසු බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
.

Related posts

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කරයි….

Editor O

විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

Editor O

සිව් දිනක් තුළ 95,550 කට කොරෝනා එන්නත ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment