දේශීය

‘මාධ්‍ය අරුණ’ ණය වාරික අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන්‍‍‍ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට පහසුකම් වැඩිදියුණු කිරී‍මේ අරමුණින් රජය ලබා දුන් මාධ්‍ය අරුණ ණය සඳහා වාරික ගෙවීම මාස 3 ක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශ‍යේ ‍ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් ක‍ළේය.

මෙම ණය ‍යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මහජන බැංකුව සහ ප්‍ර‍දේශීය සංවර්ධන බැංකුව හරහායි.

ඒ අනුව රුපියල් ලක්ෂ 3ක් පරිගණක උපකරණ ලබා ගැනීමට හා උපාංග මිලදී ගැනීමට ‍පොලී රහිත ණයක් ‍ලෙස ලබා‍දෙන ලදී.

ඊට අමතරව ලක්ෂ එකහමාරක මුදලක් කැමරා උපකරණ අලුත්වැඩියා කිරීමට සහ පරිගණක අලුත්වැඩියා කිරීම සඳහා ණය මුදල් පිරිනමා තිබිණි.

Related posts

ෆේස්බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්

Mohamed Dilsad

නිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලට

Mohamed Dilsad

කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වෙන්න එපා! සජිත්, විජේදාසට කියයි

Mohamed Dilsad

Leave a Comment