දේශීය

‘මාධ්‍ය අරුණ’ ණය වාරික අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන්‍‍‍ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට පහසුකම් වැඩිදියුණු කිරී‍මේ අරමුණින් රජය ලබා දුන් මාධ්‍ය අරුණ ණය සඳහා වාරික ගෙවීම මාස 3 ක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශ‍යේ ‍ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් ක‍ළේය.

මෙම ණය ‍යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මහජන බැංකුව සහ ප්‍ර‍දේශීය සංවර්ධන බැංකුව හරහායි.

ඒ අනුව රුපියල් ලක්ෂ 3ක් පරිගණක උපකරණ ලබා ගැනීමට හා උපාංග මිලදී ගැනීමට ‍පොලී රහිත ණයක් ‍ලෙස ලබා‍දෙන ලදී.

ඊට අමතරව ලක්ෂ එකහමාරක මුදලක් කැමරා උපකරණ අලුත්වැඩියා කිරීමට සහ පරිගණක අලුත්වැඩියා කිරීම සඳහා ණය මුදල් පිරිනමා තිබිණි.

Related posts

බිමල්ගේ අමාත්‍යාංශ ලේකම් විසින් රාජකාරීයට බාධා කරන බව පවසමින් අතිරේක ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

සමගි ජනබලවේගය අද එළිදකී

Mohamed Dilsad

පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment