දේශීය

හෙට බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමේ

(UTV |බණ්ඩාරවෙල) – හෙට(30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(29) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුව දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

Mohamed Dilsad

ගොවි පවුලකට යූරියා මිටියක් නොමිලේ

Mohamed Dilsad

රතන හිමියෝ දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment