දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක බැංකුවෙන් ඉල්ලීමක්

(UTV |කොළඹ) – දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි.

ඒ ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් වෙසෙන අන්ත ධරිද්‍රතාවයෙන් පෙළෙන IDA රටවලට කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමඟ දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ඇති කර තිබේ.

මෙහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි ණය දෙන රටවල නීතිරීතිවලට අනුකූලව IDA රටවලින් ණය ගෙවීම අත්හිටුවන ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලූම නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා ඇත.

 

Related posts

මාර්තු පළවනදා සිට ලංකාවේ දිනකට ලක්ෂ 6 කට බැගින් කොරෝනා එන්නත

Mohamed Dilsad

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

තෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment