දේශීය

ලබා ගත් ණය වලට සහන දෙන හැටි

(UTV |කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින් සහ පුද්ගලයින්ට සහන සැලසීමට අදාළ චක්‍ර ලේඛයක් නිකුත් කෙරේ.

 

ඊට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව, බැංකු හා මූල්‍ය සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයින්ට සහන සැලසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මූල්‍ය ආයතන, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු සහ කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මේ අනුව සියලුම ත්‍රිරෝද රථ, පාසැල් වෑන්, ලොරි, කුඩා භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ ස්වයං රැකියාලාභීන් විසින් මෙහෙයවනු ලබන බස්රථවල ලීසිං වාරික සඳහා මාස හයක සහන කාලයක් ඒ අනුව ක්‍රියාත්මක කළ යුතුයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම විධායක නොවන සේවකයින්ට ලබා දී ඇති පුද්ගලික ණය සම්බන්ධයෙන් 2020 මැයි 30 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු බව ද එහි දැක්වේ.

ඒ අතර රුපියල් මිලියනයට අඩු සියලුම පුද්ගලික ණය හා ලීසිං වාරික සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දිය යුතුයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, සංචාරක, ඇඟලුම්,  වැවිලි,තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවා සපයන්නන් යනාදී බලපෑමට ලක්වූ කර්මාන්ත සඳහා මාස හයක ණය සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන්ය.

ඒ අතර රුපියල් 50,000 ක් දක්වා වටිනාකමින් යුත් දේශීය ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන උපරිම පොලී අනුපාතය 15% ක් විය යුතු වෙයි.

Related posts

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහ කන්නයට යූරියා ගේන්න ඉන්දියාවෙන් ණයක්

Mohamed Dilsad

රජයේ ඉඩම්වල පදිංචි අයට සුභ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment