දේශීය

රජයේ ඉඩම්වල පදිංචි අයට සුභ ආරංචියක්

(UTV | කොළඹ) – ලියවිලි නොමැති රජයේ ඉඩම්වල පදිංචි පුද්ගලයන් වෙත ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යානුකූල ලේඛන ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් මහතා සඳහන්කර සිටියේ රජයේ ඉඩම් කොටසක ස්ථිර නිවාස ඉදිකර හෝ කෘෂිකාර්මික කටයුතු කරමින් භුක්ති විඳින අයට එම ඉඩම් පිළිබඳ නීත්‍යානුකූලභාවයක් ලබාදීමට මේ අනුව විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොළඹ හා ගම්පහ හැර සෙසු සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

රජය මඟින් ඊයේ (10) නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මේ සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.

මෙම 30 වැනිදා දක්වා එම අයැදුම්පත් අදාළ ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ග්‍රාම නිලධාරි ක්ෂේත්‍ර නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන මෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා එම ගැසට් නිවේදනයෙන් දක්වා තිබේ.

ඉදිරිපත් වන අයැදුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම්වරුන් ලියාපදිංචි කරන අතර ඊට අදාළව නොවැම්බර් 01 සිට 21 දක්වා ඉඩම් කච්චේරි පවත්වා මේ සඳහා පියවර ගැනීමට ද නියමිතය.

Related posts

සියලුම ඖෂධ හල් ලබන බ්‍රහස්පතින්දා විවෘත කෙරේ

Mohamed Dilsad

ගෆුර් ගොඩනැගිල්ලේ සියලු නාවික සෙබලුන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment