විදෙස්

නියෝග නොතකනවානම් වෙඩි තබන ලෙසට නියෝග

(UTV | කොළඹ) – ලොව පුරාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ඉන්දියාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා එරට වසා දමා ඇති අතර , මෙම නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

නමුත් අදාළ නීති රෙගුලාසි අනුගමනය නොකරමින් එරට දහස් ගණන් ජනයා භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණියහ.

එහෙත් එම සීමා නොතකා ජනතාව අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.

මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති අතර , නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණි.

Related posts

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන පුද්ගලයන්ට එරට රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment