විදෙස්

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන පුද්ගලයන්ට එරට රජයෙන් නිවේදනයක්

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන්ට සිය සහකරුවන් රටට ගෙන්වා ගැනීමේදී ඉංග්‍රීසී භාෂා පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය කර තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ලබන වසරේ මැද භාගයේ සිට එය ක්‍රියාත්මක වනු ඇති බව ද එහි සඳහන්.

සිය රටට බාහිරින් පැමිණෙන ඇතැම් පුද්ගලයන් ඉංග්‍රීසී භාෂාව නිසි ලෙස හැසිරවීමට අපොහොසත් වීම හමුවේ මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන
ඔස්ට්‍රේලියාවේ මෙම තීරණය ගෙන ඇත.

එරට ජනගහණයෙන් 35 % ක් පමණ නිවසේදී භාවිත කරනුයේ ඉංග්‍රීසි නොවන දෙවන භාෂාවක් බවට අනාවරණ වී තිබෙනවා.

Related posts

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

Mohamed Dilsad

ඇමරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 17 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment