විදෙස්

බ්‍රෙක්සිටි ගිවිසුමට අදාළ ඡන්ද විමසීමෙන් තෙරේසා මේ දරුණු පරාජයකට..

(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ (15) ඡන්ද විමසීමක් පැවැත්විය.

එහිදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට මුහුණ දී ඇත.

ගිවිසුමට විරුද්ධව ඡන්ද 432 ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 202 කි.

මෙම ඡන්ද විමසීමෙන් පසුව එරට විපක්ෂ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබන් විසින් තෙරේසා මේ,ගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එහි ඡන්ද විමසීම හෙට (17) පැවැත්වීමට නියමිතව ඇති අතර විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේගේ රජය පරාජයට පත්වුවහොත් මහමැතිවරණයක් පැවැත්විය යුතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ අපුරු දරු උපතක්

Mohamed Dilsad

මීයන් සහිත බර්ගර් ඇමෙරිකාවේ -(වීඩියෝ)

Mohamed Dilsad

මාස 2 කට පසු වූහාන් නගරයේ කොටසක් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment