විදෙස්

කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180 ක්

(UTV | කොවිඩ් 19) –  ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමේ ක්‍රියාවලියට මේ වනවිට චීනය ඇතුළු රටවල් 180 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ නව කොරෝනා වෛරසයේ පාලනය කිරීම සඳහා එන්නතක් සොයාගත් පසු එය දුප්පත් සහ පොහොසත් රටවල් අතරේ සමානව බෙදාහැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සන්ධානයක් ස්ථාපිත කර ඇත.

ඊට මූල්‍ය සහාය දැක්වීමට මේ වනවිට රටවල් 180 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සන්ධානය ගවි එන්නත් සන්ධානය යනුවෙන් හැඳින්වේ. ඒ ක්‍රියාවලිය සිදුවන්නේ ‘කොවැක්ස්’ හරහා ය. ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ ඊට මූල්‍ය ආධාර සැපයෙන අතර ‘කොවැක්ස්’ මූල්‍ය පහසුකම යටතේ ය. කොවැක්ස් මූල්‍ය පහසුකම යටතේ ‘කොවිඩ්-19’ සංවර්ධනය, බෙදාහැරීම යනාදිය සිදු වේ.

මේ අනුව ගවි එන්නත් සන්ධානයට සහ ‘කොවැක්ස්’ වැඩසටහනට සම්බන්ධ වී සිටින රටවල් ගණන 180 ඉක්මවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් මහත්මිය සඳහන් කර තිබේ.

 

Related posts

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment