දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 1589ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – සිකුරාදා ප.ව.6.00 සිට ඊයේ(22) රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1589දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ ත්‍රිරෝද රථ,යතුරු පැදි ඇතුළු වාහන 362ක් පොලිස් භාරයට ගනී.

ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි.

මීට අමතරව එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

විශ්‍රාම ගැන්වීමෙන් දුම්රියට දැඩි බලපෑමක් එල්ලවී නෑ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

Mohamed Dilsad

යුද හමුදාවෙන් ඉවත් වූ අය පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලසුමක්

Editor O

Leave a Comment