දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 1589ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – සිකුරාදා ප.ව.6.00 සිට ඊයේ(22) රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1589දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ ත්‍රිරෝද රථ,යතුරු පැදි ඇතුළු වාහන 362ක් පොලිස් භාරයට ගනී.

ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි.

මීට අමතරව එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

ඉදිරි දින 14 අවදානම්

Mohamed Dilsad

Leave a Comment