දේශීයප්‍රමුඛ පුවත 1

රජයෙන් විශේෂ ඉල්ලීමක්

(UTV|කොළඹ) – රජය විසින් කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින්ම අනුගත වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනිම සදහා කාර්යාල කඩ සාප්පු බස් රිය, දුම්රියපල වැනි පොදු ස්ථානවල ගැවසෙන විට එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශීත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන ආකාරයට ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුව ද වෛරසයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය බලධාරින් ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු වේ.

තවද වෙළෙඳසැල්වලට පිවිසීමේදීත්, වෙළෙඳසැල් ඇතුළතදීත්, බස්රියෙන් දුම්රියෙන් ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේ දී දුරස්ථභාවය ආරක්ෂා කළ යුතු වන අතර ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණි විට ද එම පිළිවෙත අනුගමනය කළ යුතු බව අදාළ නිවේදනයෙන් දක්වා ඇත.

භාණ්ඩ මිලදී ගැනීමට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශී වන පිරිස අවම කරගැනීමට හැකි වේ

වයස්ගත පුද්ගලයින් හෝ කුඩා දරුවන් සමග වෙළෙඳසැල් වෙත ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.

Related posts

නව වසරේ, විදුලි ගාස්තුව සියයට 11.57%කින් වැඩි කිරීමේ සූදානමක් | හයදාහේ බිල හාරදාහ කරනවා කියපු කතාව පචයක් !

Editor O

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22 ක ආධාර

Mohamed Dilsad

ජනපති – විපක්‍ෂ නායක සමඟ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment