දේශීය

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22 ක ආධාර

(UTV | කොළඹ) –  කොරෝනා සහන සැලසීමේ කටයුතු සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 22 ක ආධාරයක් ශ්‍රී ලංකාවට හිමිව ඇත.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ සෞඛ්‍යය, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයෙන් යළි නගාසිටුවීම සඳහා මෙම ආධාර යොදවනු ඇති බවයි.

ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ සහ යුරෝපා සංගමයේ නියෝජිතවරුන් අතර ඊයේ (08) සාකච්ජාවක්ද පවත්වනු ලැබීය.

එම ආධාර වලින් යුරෝ මිලියන දෙකක් වෛද්‍ය පහසුකම් සඳහාද, කෘෂි කර්මාන්තය සඳහා යුරෝ මිලියන 16.5 ක්, සංචාරක කේෂ්ත්‍රය වෙනුවෙන් යුරෝ මිලියන 3.5ක් වෙන් කොට ඇත.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

රට පුරා ඩෙංගු අවධානම ඉහළ ට…!

Editor O

Leave a Comment