දේශීයප්‍රමුඛ පුවත 1

ඉදිරි දින 14 අවදානම්

(UTV|කොළඹ) – ඉදිරි දින 14ක කාලය ඉතා අවදානම් කාලසීමාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එනිසා නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ඔවුන් ඉල්ලා සිටීයි.

එම කාලයේ දී ඉතාම අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් එළියට නොයන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දින 14 ක කාලය තුළ කොරෝනා වෛරසය කුඩා කණ්ඩායම් අතර පැතිරී යාමේ අවදානමක් පවතී.

ඒ හරහා සමාජය තුළ පැතිර යා හැකි බවත් සංගමය අනතුරු අගවයි.

එනිසා මෙම අවදානම් කාලය තුළදී මෙරට ජනගහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නිවෙස් තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය වන අතර
ජනතාව ඒ ආකාරයෙන් කටයුතු නොකළහොත් කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීම අපහසු වනු ඇති බවද සංගමය අවධාරණය කරයි.

Related posts

හෙද නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් වර්ජනයේ

Mohamed Dilsad

කුමාරිඇල්ලේ අතුරුදන් වූ දැරියකගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

“ජාතික ආණ්ඩුවලින් ඵලක් නෑ” – රනිල් කියයි

Mohamed Dilsad

Leave a Comment