දේශීය

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

 

එහිදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අද සඳහන් කළේ, බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවය.

 

කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා අද (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ.

 

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය.

 

බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි.

 

ඒ අනුව අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60ක අවම මිලක් යටතේය.

 

ලොරි රථ මගින් බිත්තර ගෙනැවිත් රුපියල් 55 බැගින් අලෙවි කරන වැඩපිළිවෙළක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් ආරම්භ කළත් එය අද දිනයේත් ක්‍රියාත්මකවනු දක්නට නොලැබුණි.

 

 

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අනුරට එල්ල වූ බිත්තර ප්‍රහාරය ගැන ප්‍රසන්න පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද (09) උදේ 11ට වසාදමයි

Editor O

Leave a Comment