දේශීය

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ සහ මැතිවරණ කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී නාමයෝජනා භාරගැනීම, මැතිවරණයේ ආරක්ෂක කටයුතු සහ පක්ෂ කාර්යාල පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

මීට අමතරව, මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ද අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් පත් භාර ගැනීම මේ මස 16 වැනිදායින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එම දිනය දීර්ඝ නොකරන බව ද එම කොමිසම කියා සිටියි.

Related posts

නිවෙස්වල සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට බලය පවරයි

Mohamed Dilsad

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment