දේශීය

මාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මාස හයකට හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ අනුමැතිය දුන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විෂය භාර අමාත්‍යවරයා ඊට අදාළ යෝජනාවට ඊයේ (04) අත්සන් තැබූ අතර, ඒ සදහා වැය වන මුදල රුපියල් බිලියන 21 ක්.

හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක් මිලදී ගැනීම සදහා රජය වැය කරන මුදල රුපියල් 64 ක් වන අතර එම ඒකකයක් ජනතාවට ලබා දෙන්නේ රුපියල් 17 කට බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ පවතින නියගය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් පහත යාම නිසා ජල විදුලි නිෂ්පාදනය 20% ක් තරම් පහත යාම ඊට හේතුව බවයි.

 

Related posts

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

උගන්ඩාවේ සඟවා ඇතැයි කියූ ඩොලර් බිලියන 18 රජයට දෙන්න සූදානම් | දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්නම් – නාමල් රාජපක්ෂ ආණ්ඩුව ට කියයි

Editor O

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

Leave a Comment