දේශීය

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නයිජීරියාවේදී අත්අඩංගුවට

(UTV |කොළඹ) – ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගෙන සිටියදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  නයිජීරියාවේ  අබූජාහි පිහිටි නැම්ඩ් අසිකියු ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන් ව්‍යාජ මලයාසියානු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් යොදාගනිමින් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල වෙත පිටත්ව යාමට සූදානම්ව සිටියදී නයිජීරියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වසර තුළ නයීජිරියාවේ දී ව්‍යාජ ගුවන් බලපත්‍ර ලඟ තබාගැනීමේ වරදට ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙයයි.

 

අත්අඩංගුවට ගත්සැකකරුවන් රදවා තබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

Related posts

මිද්දෙණියේ කන්ටේනර්වල තිබූ රසායන ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණවල නවතම තත්ත්වය

Editor O

සමගි ජනබලවේගය පිහිටුවීමේ අරමුණ ඩීල් දේශපාලනය අවසන් කිරීමයි.

Editor O

රන්ජන්ගේ මන්ත්‍රීධුරය ගැන තීරණය අප්‍රේල් 05 වෙනිදා

Mohamed Dilsad

Leave a Comment