Trending Newsඑසැන පුවත්දේශීය

මිද්දෙණියේ කන්ටේනර්වල තිබූ රසායන ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණවල නවතම තත්ත්වය

මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී ගොඩ ගන්නා ලද රසායන ද්‍රව්‍ය තොගයේ සාම්පල බහුතරයක මෙතෆෙටමින් අඩංගු බව අනාවරණය වී ඇත.

ඒ බව එහි සාම්පල ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සිදු කරන ලද පරීක්‍ෂණ වාර්තාවේ සදහන්ය.

අදාළ වාර්තාව මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.

2008 අංක 01 දරන මාදක සහ මනෝවර්ථක ඖෂධ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුති පනත සහ 2022 අංක 41 දරන විෂවර්ගල අබිං සහ අන්තරායදායක ඖෂධ පනත යටතේ ගැනෙන මත්ද්‍රව්‍ය හෝ මනෝවර්ථක ඖෂධ ඒවායේ අඩංගු ඒවායේ අඩංගු නොවන බව අන්තරාදායක ඖෂධ පාලන ජාතික අධිකාරිය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද වැඩිදුර සටහනක් තබමින් එම ඒකකය සඳහන් කර ඇත.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැක කෙරෙන රසායන ද්‍රව්‍ය තිබූ බහාලු‍ම් දෙකක් මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක තිබී පසුගිය දා ගොඩ ගන්නා ලදී.

Related posts

“I Am Still A Unper” – Tissa Attanayake

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை பெய்யும் சாத்தியம்

Mohamed Dilsad

தலைமை குறித்து இன்றும் கலந்துரையாடல்

Mohamed Dilsad

Leave a Comment