Trending Newsඑසැන පුවත්දේශීය

මෛත්‍රීපාල සිරිසේන ත් නිල නිවසින් යයි

ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල නිවසින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුකාශ කළේය..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය. “මමත් බඩු පටවනවා. හෙට අනිද්දට යනවා ඉතින්. තව දවස දෙකක තුනක් විතර තමයි ඉතින් ඉන්නේ. හිටපු ජනාධිපතිවරයෙක්ට නිවසක් සහ කැබිනට් ඇමතිවරයෙක්ගේ සියලු පහසුකම් දෙනවා කියල ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතකක් තිබුණා. ඒ පනත අනුව තමයි හිටපු හැමකෙනෙකුටම දුන්නේ. වර්තමාන ආණ්ඩුව ඒක අවලංගු කරලා යන්න කිව්වම අපි ඉතින් යනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.”

කෙසේවෙතත් තමන් නිලනිවසින් ඉවත් වන විට ජනතාව සහ මාධ්‍ය ගෙන්වීමට කටයුතු නොකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

Related posts

டெல்லி கெப்பிட்டல்சை எதிர்க்கொண்டு வெற்றியை ருசித்த சென்னை சூப்பர் கிங்ஸ்

Mohamed Dilsad

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Partly-burned body recovered inside vehicle in Moneragala

Mohamed Dilsad

Leave a Comment