ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ කාන්තාවක් සීගිරිය පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තැනැත්තියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර ඇතැයි පොලීසිය කියයි.
