දේශීය

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

(UTV |කොළඹ ) – හෙරොයින් කිලෝග්‍රෑම් 330ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් සොයාගෙන තිබේ.

ඒ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අන්තර් ජාතික මුහුදේ සැකකටයුතු යාත්‍රා දෙකක් පරික්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි.

පසුගිය සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 75ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 66කට ආසන්න ප්‍රමාණයක් සහ

ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙයවේ.

Related posts

2023 නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙනුත්

Mohamed Dilsad

ඉතියෝපියාවේ සිටි 230 දෙනකු අද දිවයිනට

Mohamed Dilsad

උසස් පෙළ විභාග අක්‍රකමිකතා පිළිබඳ පැමිණිලි

Mohamed Dilsad

Leave a Comment