දේශීය

රන්ජන්ගේ මන්ත්‍රීධුරය ගැන තීරණය අප්‍රේල් 05 වෙනිදා

(UTV | කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න නියෝගය ලබන අප්‍රේල් මස 05 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කළේය.   

රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටියි.

මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් , නියෝගය පිළියෙළ කර නොමැති බැවින් එය අප්‍රෙල් මස 05 වෙනිදාට කල් තැබීමට විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබීය.

 

Related posts

මට්ටක්කුලියේ දී ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට හිරු මුදුන් වෙයි

Mohamed Dilsad

වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment