දේශීය

මට්ටක්කුලියේ දී ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී ගැටුමක් අතරතුර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මට්ටක්කුලිය, ජෝර්ජ් පීරිස් මාවත ප්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා රාත්‍රී සිදුවූ පහරදීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

 

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 5දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16, 22, 27, 34 සහ 38 යන වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධය සඳහා භාවිත කරන ලද යකඩ බටයක්, බයින්ඩින් කටරයක් හා බොක්ස්බාර් කොටසක් පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරුවන් අද (27) අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

Related posts

මානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

වේරහැරින් රියදුරු බලපත් ගන්න යන්න සිටි අයට නව දින හා වේලාවන්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම ඇරඹෙන දිනය මෙන්න

Editor O

Leave a Comment