දේශීය

හීනටියන ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට.පිරිසක් රෝහලේ

(UTV |කොළඹ ) – ඇවරියවත්ත යාගොඩමුල්ල ප්‍රධාන මාර්ගයේ කටුනායක හීනටියන ප්‍රදේශයේ දී සිදුවු කැබ් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත.

කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් 16 දෙනෙකු සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 84 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

අනුරාධපුර වන්දනා චාරිකාවක ගොස් පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් රැසක දහම් පාසල් ඇරඹේ

Mohamed Dilsad

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණයෙන් ඉවත දමයි

Mohamed Dilsad

Leave a Comment