දේශීය

හීනටියන ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට.පිරිසක් රෝහලේ

(UTV |කොළඹ ) – ඇවරියවත්ත යාගොඩමුල්ල ප්‍රධාන මාර්ගයේ කටුනායක හීනටියන ප්‍රදේශයේ දී සිදුවු කැබ් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත.

කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් 16 දෙනෙකු සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 84 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

අනුරාධපුර වන්දනා චාරිකාවක ගොස් පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

Mohamed Dilsad

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

Mohamed Dilsad

ට්‍රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.

Editor O

Leave a Comment