දේශීයප්‍රමුඛ පුවත 1

සංහිඳියා යෝජනාව ගැන මෙරට ස්ථාවරය දැනුම් දෙයි

(UTV| කොළඹ)  –  විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ශ්‍රී ලංකාවේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි.

ඒ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචී ෆිස්ල්බර්ගර් මැතිනිය හමුවූ අවස්තාවේදීය.

එහිදී විදේශ ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධන කිරීම පිළිබද යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනිමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබද දැනුවත් කර ඇති බව විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට(24) ආරම්භ වීමට නියමිතය.

එය ලබන මාර්තු 20 වන දින දක්වා පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිත අතර එය පෙබරවාරි මස 27 වන දින සිදුවනු ඇති බව වාර්තාවේ.

2015 ඔක්තෝබර්මස 30 එක දරණ සහ 2017 මාර්තු 34 එක දරණ පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබද 2019 මාර්තු 40 එක දරණ යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබද විදේශ ලේකම්වරයා මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරිය දැනුවත් කර ඇත.

 

Related posts

අලුත් වැඩියා කටයුතු නිසා වැසෙන මාර්ග

Mohamed Dilsad

ගෑස් ටැංකියේ අර්බුද අස්සේ රවීගේ නම මැතිවරණ කොමිෂමෙන් ගැසට් කරයි.

Editor O

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment