දේශීය

ඥානසාර හිමියන්ගේ නඩුව යළිත් කැඳවීමට නියෝග

(UTV| කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීම සඳහා මැයි 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.  

අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන් ඇතුළු පිරිසට චෝදනා එල්ල වෙයි.

මෙම පැමිණිල්ල අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය ආරම්භ වී තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

මාලිමාවේ දෙහිවල-ගල්කිස්ස කොට්ඨාස සංවිධායක මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට

Editor O

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment